නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තෆා මහතා පස්වරු 2.45ට එමිරේට්ස් ගුවන් යානයකින් සිංගප්පූරුව බලා පිටත් විය. එංගලන්තයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයකු වූ ඔහුගේ පියා ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තෆා මහතා උදේ වරුවේ සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.
ෆයිසර් මුස්තෆා මහතා ලබන සඳුදා දිවයිනට පැමිණීමට නියමිතය.
බොදු බල සේනාව රජයට සහය දෙතොත් තමා රජයෙන් ඉවත්වන බව ඔහු මීට පෙර ප්‍රකාශ කළේය. බොදු බල සේනාව දැන් රජයට සහය පළ කරයි.

