කොළඹ නගර සභාවේ 150 වැනි සංවත්සරයේ ප්‍රධාන ආරාධිතයා වූයේ මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයාය. නගර ශාලාව ඉදිරිපිට බිමේ සුවිසල් කූඩාරමක් අමුත්තන් වෙනුවෙන් ඉදිකැර තිබිණි.
අගමැති පළාත් පාලන බලධරයෝද දේශපාලනඥයෝද රජයේ සේවකයින් කිහිප දෙනකුද විශේෂ ඇරයුම් ලැබී සිටි කිහිප දෙනා අතර වූහ. පුරපති ඒ.ජේ.මුසම්මිල් මහතා ස්තූති කථාව කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ස්තූති කළේය. ඔහු එසේ කියද්දී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සිනා ගියේය.
මුසම්මිල් මහතා වහා වරද නිවැරදි කරගත්තේය. ඔහු දැන් මක්කම වන්දනාවේ ගොස් සිටී.

