රජයේ වාහන අයථා පරිහරණය කළැයි සැකපිට ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් ලබන හත් වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.
මුසම්මිල් වෙනුවෙන් පෙනීසිටි නීතීඥ ගාමිණී පෙරේරා මහතා, තම සේවා දායකයා යම් රොගී තත්වයකින් පෙළෙන නිසා ඇප ඉල්ලීම කිරීමට කෙටි දිනයකින් නැවත නඩුව කැඳවන ලෙස කළ ඉල්ලීම සලකා බලා මහේස්ත්‍රාත්වරිය ලබන 7 වැනිදා දක්වා ඔහු රිමාන්ඩ කරන ලෙස නියෝග කර ඇත.
ඡායාරූප හා වීඩියෝ - ළහිරු හර්ෂණ