මුවර්ස් පිල සහ එස්. එස්. සී. පිල අතර කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේ අද (05) ආරම්භ වූ අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනයේ අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් ක‍්‍රීඩාව නතර කරන විට එස්. එස්. සී. පිල පළමු ඉනිම සඳහා එක කඩුල්ලක් දැවී ලකුණු 22 ක් ලබා සිටියේය.
මුවර්ස් පිල කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. එස්. එස්. සී. පන්දුයවන්නෝ මුවර්ස් පළමු ඉනිම ලකුණු 262 කට සීමා කිරීමට සමත් වූහ.
මුවර්ස් පිල වෙනුවෙන් ෂෙහාන් ජයසූරිය (68) සහ චතුරංග ද සිල්වා (51) අර්ධ ශතක රැස්කළහ.
එස්. එස්. සී. පිලේ පිට දඟ පන්දුයවන ධනුෂ්ක ගුණතිලක දක්‍ෂ පන්දුයැවීමක නිරත වෙමින් ලකුණු 54 කට කඩුලූ 4 ක් දවා ගැනීමට සමත් විය.
මුවර්ස් පිල පළමු ඉනිම සියලූ දෙනා දැවී 262
(ෂෙහාන් ජයසූරිය 68, ඉෂාම් ගවුස් 31, හර්ෂ කුරේ 18, ජනක ගුණරත්න 42, ඉන්දික ද සේරම් 19, චතුරංග ද සිල්වා 51, ධනුෂ්ක ගුණතිලක 54/4, චරිත් ජයම්පති 49/2)
එස්. එස්. සී. පිල පළමු ඉනිම කඩුලූ 1 ට 22