මුව හම් මුදලාලියෙක් කළුවරගස්වැවෙන් අල්ලයි


කළුවරගස්වැව කෝන්වැව හේන් ගොවියකු බව කියා ගත් පුද්ගලයකුගේ නිවසෙන් මුව හම් හතරක් හා ගෝන හම් තුනක්, බඳින තුවක්කු හතරක් හා පතුරොම් තොගයක් සොයා ගත් බව කළුවරගස්වැව පොලිසිය කියයි.

තබ්බෝව අබයභූමියේ වනසතුන් මරා හං විකිණීම ඔහුගේ ජාවාරම බව පෙනේයැයි පොලිසිය පවසයි.