එය ලස්සන සිකුරාදාවක් විය. එදා උදෑසන පෙළගැසී තිබුණු වැඩසටහන් මාලාවට අනුව ස්වර්ණවාහිනියෙන් විකාශය වූයේ ”ලස්සන සිකුරාදා” වැඩසටහනය. එය ඉදිරිපත් කළේ ඉෂාරා සඳමිණි නමැති ඒ රුවැත්තියයි. මේ වැඩසටහන අවසන ඉෂාරා සඳමිණි හමුවීමට අමුත්තෙකු ආවේය. ඒ අමුත්තා පැමිණියේ ස්වර්ණවාහිනියේ වැඩසටහන් ඉදිරිපත් කරන ජනප‍්‍රිය චරිතයක් සමගය. ඔහු මේ අමුත්තාගේ මිතුරෙකු විය.

”නංගි මට ඔයාගේ ෆෝන් නම්බර් එක දෙන්න”
ස්වර්ණවාහිනියේ මිතුරා ඉෂාරාගෙන් ඉල්ලා සිටියේය. ඇය හිතුවේ මේ ඔහු සමග පැමිණ සිටි අමුත්තා පසුදිනෙක වැඩසටහනකට කැඳවීමට යැයි සිතාය.
නමුත් ඔහු එදා එලෙසින් පැමිණ සිටියේ ඇයව සොයාගෙනය. ඒ බැව් ඉෂාරා සඳමිණීට නොදැනිණි. ඒ වන විට ඔහුද කලා ක්ෂේත‍්‍රයට අමුත්තෙකු නොවූයේ ඒ වනවිට රූගත කිරීම් නිමකර තිබූ රෝයි ද සිල්වාගේ ”සර් ලාස්ට් චාන්ස්” රඟපා තිබූ නිසාවෙනි. නමුත් සඳමිණි ඔහු ගැන එතරම් විස්තර දැන සිටියේ නැත. ඇයට තිබුණේ ඔහු කෙරෙහි වූ ආගන්තුක බවක් පමණි.
”මට ඔයාට කතා කරන්න පුළුවනිද?”
දිනෙක ඔහු ඇයට කතා කළේය.
‘‘ඔව්, මට හොඳට කතා කරන්න පුළුවනි. ඔයා කවුද?’’
දුරකථන ඇමතුමට ඇය පිළිතුරු බැන්දේ එලෙසිනි.
”මම අනුර පතිරණ. එදා ධම්මික එක්ක ඔයා හමුවන්න ආවේ?
‘‘ආ.... එයාද මේ?’’
සඳමිණි එලෙස කීවාය. ඇය කෙරෙහි වූ පේ‍්‍රම සිතක් ඔහුට පහළ වී ඇති බැව් ඇය වටහා ගත්තාය.
”ඉතින් ඒ පාර මම කළේ ටිකක් ගණන් ඉස්සුව එකයි.” මුලින්ම මම බෑ... බෑ... බෑ... කියලා කිව්වා. ඒත් එහෙම කිව්වට මගෙ යටි හිතේ මොකක්දෝ හැඟීමක් තිබුණා. කාලයක් යනකොට එයා පව්, මා ගැන ගොඩාක් හිතනවනෙ කියන හැඟීම මට ඇතිවුණා. මම තවදුරටත් එයාගෙ සිතිවිලිවලට බාධා කළේ නැහැ. ඔව් ඔයාට කැමතියි, කියලා කියන්න හිතාගෙන හිටියදී එයා නීතිඥ උපාධිය සඳහා එංගලන්තයට ගියා. ආයෙත් ආවට පස්සෙ මමත් දේශීය වෛද්‍යවරියක ලෙස කටයුතු ඇරඹීමේ අදියරේ සිටියේ. ඒ විදියට අධ්‍යාපන කටයුතු සහ කලා අංශයේ සියලූ කටයුතු මම කළේ ඉතාම කැපවීමකින්. අම්මා මගේ තනි නොතනියට බොහෝ විට පැමිණියත් මම මගේ වැඩ කරගත්තෙ තනියම. ඒ නිසා මේ සියල්ල ගැන අවබෝධය ඇති කෙනෙක් ජීවිතයට සිටිය යුතුම වුණා. ආදරය - ගෞරවය- රැකවරණය සියල්ල මම අනුරගෙන් දුටුවා. ඉතින් අපි තවත් ප‍්‍රමාද වෙන්න ඕනෑ නැහැ. විවාහයට කටයුතු ඉක්මණට යොදාගත්තා.
ඉෂාරා සඳමිණි හා අනුර පතිරණ අතර විවාහය පසුගිය 21 වැනිදා කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්වූයේ ඒ ආදරණීය කතාවේ ඵලයක් ලෙසිනි. ඉෂාරා සඳමිණිගේ ජීවිතයට සමීපවූ මේ අනුර පතිරණ කවුද?
”සරසවි අධ්‍යාපනය ලබමින් සිටියදී සරසවියෙන් ස්වර්ණවාහිනියට” නමින් ස්වර්ණවාහිනිය කළ වැඩසටහන් මාලාවේ හොඳම නිවේදක ලෙස තේරුණේ මම. පසුව ස්වර්ණවාහිනියේ වැඩසටහනක් ඉදිරිපත් කළා. ඒ අතරේදී ”සර් ලාස්ට් චාන්ස්” චිත‍්‍රපටයේ සහ මුතුකිරිල්ලී ටෙලි මාලාවේ රඟපෑවා. පසුව හිරු ටී.වී. ගැජට් ෂෝ ප්‍රෝග‍්‍රෑම් එක කළා. ඉදිරියේදීත් එලෙසින් වැඩසටහන් කරාවි. රංගනයටත් එක්වේවි. ඒත් මම වෘත්තියෙන් නීතිඥවරයෙක්.
ඇයි අනුරට ඉෂාරා කෙරෙහි හිත ගියේ.
මුලින්ම රූපයට කැමති වුණේ. පසුව සොයලා බලද්දී ගතිගුණ හරි හොඳයි. නිවේදන ක්ෂේත‍්‍රයේ මගේ ගුරුතුමා වන්නේ හේම නලීන් කරුණාරත්න ශූරීන්. මේ සියලූදෙනාම අපට ආශිර්වාද කළා. හොඳ තේරීමක් බව මගේ මිතුරන් සහ පවුලේ අය පවා කිව්වා. මම නිදහස් මතධාරියෙක්. ඇයත් එහෙමයි. අපේ ආදරය පෑහුණේ ඒ විදියටයි. ඇත්තටම මම ඉෂාරාට ආදරෙයි.
ඉෂාරා එතකොට ඔබ?
සහතිකමයි, එයා තමයි මගේ ආදරේ....
Make up- Lakshitha Jayasinghe, Event Planner- Janaka Mawella








