එක්සත් රාජධානිය කේන්ද්‍ර කරගෙන ලොව රටවල් එකසිය දහයක් පුරා ප්‍රචලිත සී අයි එස් අයි ආයතනය පැවැත්වු ජාත්‍යන්තර තලයේ විභාගයකින් ප්‍රථම ස්ථානය හිමි කැර ගැනීමට ශ්‍රී ලාංකික ශිෂ්‍යාවක් සමත් වුවාය.
ඇය කොළඹ විශාඛා විදුහලේ දුල්මිණි සත්‍යා ධර්මපාලයි.
සී අයි එස් අසියා බැංකුකරණය මුල්‍ය පාලනය හා ආයෝජනය යන විෂය උගන්වන ආයතනයකි.
දුල්මිණි ධර්මපාල ප්‍රථම ස්ථානය හිමි කැරගෙන ඇත්තේ සී අයි එස් අයි ආයතනයෙන් පැවැත්වු අවදානම් මුල්‍ය තීරණ ගැනීමේ ඩිප්ලෝමා පරීක්ෂණයේ ප්‍රථම අදියරයි.
මෙම පරීක්ෂයට පෙනී සිටි ලොව පුරා දහස් සංඛ්‍යාත අපේක්ෂයින් අතුරින් ප්‍රථම ස්ථානය හිමි කැර ගැනීම වෙනුවෙන් 2015 වසරේ පැවැත්වෙන එම විභාගයේ ඩිප්ලෝමාව සම්පුර්ණ කර ගැනීම වෙනුවෙන් පුර්ණ ශිෂ්‍යත්වයක් සී අයි එස් අයි ආයතනය ඇයට පිරිනමා ඇත.
අපොස උසස් පෙළ විභාගයෙන් උසස් ලෙස සමත් වුවද විශ්ව විද්‍යාලයට පිවිසීමේ වරම් නොලද බැවින් ජාත්‍යන්තරව පිළිගත් වෘත්තිය සුදුසුකමක් ලබා ගැනීමේ අරමුණින් ඇය සී අයි එස් අයි ආයතනයේ ඩිප්ලෝමා විභාගයට පෙනී සිටීම සඳහා අධ්‍යාපනය ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකා බී පී ඕ ඇකඩමියෙනි.

