කණ්ඩලම තෙන්නකොන් විද්‍යාලයේ ගුරුවරයකු ලෙස මුල්ම පත්වීම ලබා වසර 42 ක් උප විදුහල්පතිවරයකු හා විදුහල්පති ලෙස සේවය කළ කේ ජී ගුණදාස මහතා විශ්‍රාම යන දිනයේදී ඔහුගේම ශිෂ්‍යකු වු එම විදුහලේම උප විදුහල්පති වු කණ්ඩලමේ දීපරතන හිමියෝ එහි විදුහල්පති පදවිය භාර ගත්හ.
මේ ගුරු ගෝල හමුව කාගේත් ඇසට කඳුළු ගෙන ආවේය.
විද්‍යාලයේ හා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මහත් කැපවීමෙන් සේවය කළ ගුණදාස මහතාගේ විශ්‍රාම ගැනීමේදී පාසල් දරුවන් හා මා පියන් ඔහු කළ මෙහෙය අගයා පාසලේ උත්සවයක් සංවිධානය කැර තිබිණී.
ගුණදාස මහතා ගුරු සේවයට එක් වී ඇත්තේ 1972 වර්ෂයේ දී වයස අවරුදු 19 දීය.