මුල් දෙපැයේ ඡන්ද උනන්දුව අඩුයි


ගල්ගමුව නගරය ආසන්නයේ ඡන්ද මධ්‍යස්ථාන පහක පමණ ඡන්දය දීම අද උදේ මුල් දෙපැයේදී මන්ද ගාමී තත්වයක් පැවතිණි.

පිරිමින්ට වඩා කාන්තාවන් එම මධ්‍යස්ථාන වලදී දැක ගත හැති විය.

ගල්ගමුව, පලුකන්දව හා ජාතික පාසැල ඉදිරිපිට මහ පාරේ සන්ධාන අපේක්ෂකයින් විසින්  ඔවුන්ගේ අංක ලියා තිබූ අතර පොලීසිය ඒවා මකා අවසන්කරනවිට ඡන්දය පටන් ගෙන පැය බාගයක් පමණ ගත වී තිබිණි.

නගරයේ සාමකාමී වටපිටාවක් පැවැතියේය.