(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් පුදුකුඩිඉරිප්පු කොම්බාවිල් ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් සිදු කළ වෙඩිතැබීමක් හේතුවෙන් බරපතල තුවාල ලබා අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සරසවි සිසුවා මිය ගොස් ඇති බව පුදුකුඩිඉරිප්පු පොලීසිය කියයි.
පසුගිය 11 වැනි දා රාත්‍රීයේ කොම්බාවිල්හි අදාළ සරසවි සිසුවාගේ නිවසට ඇතුළු වූ පිරිසක් තියුණු ආයුධ වලින් පහර දී නිවැසියන්ට වෙඩි තබා පලා ගොස් ඇති අතර ඉන් තුවාල ලැබූ සිව් දෙනෙකු පුදුකුඩිඉරිප්පු රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වෙඩි වැදීමෙන් බරපතල තත්වයේ සිටි සරසවි සිසුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර මහරෝහලට මාරුකර ඇත.
පසුව ප්‍රතිකාර ලබමින් සිටි සරසවි සිසුවා මිය ගොස් ඇති අතර මෙසේ මිය ගොස් ඇත්තේ කොම්බාවිල්හි පදිංචි තිරුසෙල්වම් කපිලන් නැමති සරසවි සිසුවායි.
අදාළ වෙඩි තැබීම සිදු කළ බවට සැකකෙරෙන සිව් දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරනු ලබන බවට පරික්ෂණ සිදු කරන පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුරටත් පවසයි.