මුලතිව් වෙරළේ කොටි සංවිධානයට සමාන ධජ එලලා


රොමේෂ් මධුෂංඛ   

                                          
මුලතිව් සෙල්වපුරම් මුහුදු තීරයේ කිසියම් පිරිසක් විසින් එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ධජයට සමාන වූ ධජ දෙකක් එලා ගොස් ඇතැයි මුලතිව් ධීවරයෝ පවසති.                          

මුලතිව් සෙල්වපුරම් මුහුදු වෙරළේ දෛනිකව ධීවර රැකියාවට පැමිණෙන ධීවරයින් මෙම කොටි ධජ දෙක එලා තිබෙනු දැක ඒ බව මුලතිව් පොලිසියට දැනුම් දී ඇත.                                                

පොලිස් නිලධාරීන් අදාළ ස්ථානයට පැමිණ සෙල්වපුරම් මුහුදු වෙරළේ එලා තිබූ කොටි ධජ දෙක රැගෙන ගොස් ඇත.                                 
මුලතිව් පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අරඹා ඇත.