මිය ගිය කොටි සාමාජිකයන් සමරැම් උත්සව මුලතිව් පොලිස් බල ප්‍රදේශයේ සඳුදා (18) සිට දින 14ක් තහනම් කරමින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කළේය.
සඳුදා (18) දෙමළ ජාතික මහජන පෙරමුණ නම් සංවිධානයක් කොටි සැමරුමක් කරන්නට යතියි පොලිසියට ලද තොරතුරකට අනුව පොලිසිය ඒ බව අධිකරණයට දැනුම් දුන්නේය.
තහනම් සංවිධානයක් සැමරීමෙන් මහජන සාමය කඩවීමක් ඇති විය හැකි බව පොලිසිය කීවේය.පොලිසියේ ඉල්ලීම සලකා බැලූ මුලතිව් මහේස්ත්‍රාත් එම තහනම් නියෝගය නිකුත් කළේය.

