මුරුන්ගස්යායේ නාහිමිගෙන් වෙද සිසුන්ට ශිෂ්‍යත්ව


ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක හා පැරිස් නුවර ජේතවන විහාරාධිපති මුරුංගස්යායේ ඥාණිස්සර නාහිමියන් විසින් 1998 දී ආරම්භ කරන ලද මුරුංගස්යායේ ඥාණිස්සර නාහිමි පදනම ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාලවලට ඇතුළුවන  අඩු ආදායම්ලාභී පවුල්වල සිසු සිසුවියන්හට වසරේදීත් ශිෂ්‍යත්ව පිරි නැමීය.

මෙවර ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය පවත්වන ලද්දේ කොළඹ කොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානයේදීය. 

මුරුංගස්යායේ ඥාණිස්සර නාහිමි, බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍යාය මහාචාර්ය ඉත්තමෙළියේ ඉන්දසාර නාහිමි, විතාරන්දෙණියේ මේදානන්ද හිමි, මුලනේ ගුණානන්ද හිමි, පුජ්‍ය කිරින්දේ පේමසිරි හිමි, පුජ්‍ය මහගම සුනීත හිමි, තෝරකොළයායේ රතනසිරි හිමි හා බලංගොඩ නන්දසිරි යන හිමිවරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙවර ශිෂ්‍යත්ව ලැබූ සිසු සිසුවියන් සියලු දෙනා සමඟ ඔවුනගේ දෙමාපියෝ එම උත්සවයට සහභාගී වුහ.

ඥාණිස්සර නාහිමි පදනම මගින් පසුගිය වසර 15 දී ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි ආර්ථික දුෂ්කරතා ඇති දරු දැරියන් විශාල පිරිසකගේ අධ්‍යාපන කටයුතු සඳහා විවිධ අයුරින් උදව් උපකාර ලබාදී ඇත.