(සුජිත් හේවාජුලිගේ)
අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය අද 27 විශ්‍රාම ලබන්නීය.
මේ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මෙරට 49 වැනි අග විනිසුරුවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ ඉදිරි දිනවල දිවුරුම් දෙනු ඇත.
අගවිනිසුරු ධූරය සඳහා ජනාධිපතිවරයා විසින් යෝජනා කෙරුණු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ නාමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ද පසුගියදා අනුමත කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයකු වන ප්‍රීති පද්මන් සූරසේන මහතා අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙසද කලක් කටයුතු කළේය.
මෙරට ප්‍රධාන පෙළේ නම ගිය නඩු කටයුතු රැසක විනිසුරුවරයා ලෙස කටයුතු කළේද සූරසේන මහතාය.
හෙතෙම පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන පාර්ලිමේන්තු ත්‍රිපුද්ගල කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය
මුර්දු ප්‍රනාන්දු අගවිනිසුරු ධූරයෙන් අද සමුගනී
Recommended Articles