ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දුයවන්නන්ගේ උපදේශකවරයා ලෙස හිටපු සුපිරි පිට දඟ පන්දුයවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් සහ වේග පන්දුයවන්නන්ගේ පුහුණුකරු ලෙස හිටපු වමතින් වේග පන්දුයවන ක‍්‍රීඩක චමින්ද වාස් පත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා පිලේ පිතිකරු පුහුණුකරු ලෙස කටයුතු කරන හිටපු ශ්‍රී ලංකා නායක මාවන් අතපත්තු සහාය පුහුණුකරු තනතුරට පත්කිරීමට ද යෝජනා වී ඇති බව වාර්තා වේ.
නවසීලන්ත පිලේ පසුගිය ශ්‍රී ලංකා සංචාරයේදී චමින්ද වාස් නවසීලන්ත වේග පන්දුයවන්නන්ගේ උපදේශකවරයකු ලෙස ද කටයුතු කළේය.