මුරලි හා සංගා එක් කෝටි හැට ලක්ෂයක් දෙති


දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර ගංවතුරින් විපතට පත් වැසියන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන් වන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් රුපියල් කෝටියක් ද කුමාර් සංගක්කාර රුපියල් ලක්ෂ 60 ක්ද පරිත්‍යාග කර ඇත.

උතුරේ මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් ද චෙන්නායි ගංවතුර හේතුවෙන් අනාථවූ පිරිසට ආධාර සපයන බව කියයි.