නයිනමඩමේදී දොස්තරවරිය හා ව්‍යාපාරික සැමියාද , දරු දෙදෙනාද මරා දැමීයැයි සැකපිට මුරකරු හා ඔහුගේ බිරිඳ ගලේවෙලදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම මුරකරු අතින් ව්‍යාපාරිකයාගේ දියණිය කෙලෙසන්නට ඇතැයිද ඉන් පසු රහස සැඟවීම සඳහා පවුලම මරා දමන්නට ඇතැයිද පොලිසිය සැක කරයි.
මේ අතර නයිනමඩමේ හා සඳලංකාවේ ළිං දෙකකින් කුඩා දරුවන් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බව පොලිසිය පවසයි.
එක් දරුවකු දින තුනක් වයසැති බවද අනෙක් දරුවාට වසර 5ක් වන බවද සොයා ගෙන ඇත.

