ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 49 වැනි තරගය ලෙස මුම්බායිහිදී අද (05 වැනිදා) පැවැති තරගයේදී මුම්බායි ඉන්දියන්ස් පිල ප‍්‍රබල චෙන්නායි සුපර් කිංග්ස් පිල ලකුණු 60 කින් පරාජය කරමින් 7 වැනි ජයත් සමග ප‍්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පැමිණියේය.
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ඕවර තුනකදී ලකුණු 6 කට කඩුලූ දෙකක් දවා ගැනීමට සමත් විය.
මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 20 කදී කඩුලූ 5 ට 139 (ඞ්වේන් ස්මිත් 22, සචින් තෙන්ඩුල්කාර් 15, දිනේෂ් කාර්තික් 23, රෝහිත් ශර්මා නොදැවී 39, හර්බජාන් සිං නොදැවී 25, රවින්ද්‍ර ජඬේජා 29/3)
චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 15.2 කදී සියලූ දෙනා දැවී 79 (මයික් හසී 22, රවින්ද්‍ර ජඬේජා 20, මහේන්ද්‍ර සිං දෝනි 10, මිචෙල් ජොන්සන් 27/3, ලසිත් මාලිංග 6/2, ප‍්‍රගයන් ඕජා 11/3)