මුම්බායි පිල අවසන් මහ තරගයට එයි


ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 75 වැනි තරගය ලෙස කොල්කටාහිදී අද (24) පැවැති දෙවැනි වටයේ අවසන් තරගයේදී මුම්බායි ඉන්දියන්ස් පිල කඩුලූ 4 කින් රාජස්ථාන් රෝයල්ස් පිල පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

මුම්බායි පිල නියෝජනය කරන ලසිත් මාලිංග  ඕවර හතරේදී ලකුණු 43 කට එක කඩුල්ලක් පමණක් දවා ගත්තේය.

රාජස්ථාන් රෝයල්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 6 ට 165 (රාහුල් ද්‍රාවිඞ් 43, අජින්ක්යා රහනේ 21, ස්ටුවට් බිනී 27, ඩිෂාන්ට් යග්නෙක් නොදැවී 31, බ‍්‍රැඞ් හොජ් නොදැවී 19, හර්බජාන් සිං 23/3, කිරාන් පොලාඞ් 6/2) 

මුම්බායි ඉන්දියන්ස් පිල  ඕවර 19.5 කදී කඩුලූ 6 ට 169 (ඞ්වේන් ස්මිත් 62, ආදිත්‍ය ටාරි 35, දිනේෂ් කාර්තික් 22, කිරාන් පොලාඞ් 11, අම්බාටි රයියුදු 17, කෙවොන් කූපර් 33/2)