ඉන්දීය ප‍්‍රධානතම විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 33 වැනි තරගය ලෙස කොල්කටාහිදී අද (24 වැනිදා) පැවැති තරගයේදී මුම්බායි ඉන්දියන්ස් පිල කඩුලූ 5 කින් කොල්කටා නයික් රයිඩර්ස් පිල පරාජය කිරීමට සමත් විය.
මුම්බායි පිල ලකුණු 160 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 19.5 කදී කඩුලූ 5 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය. කොදෙව් පිතිකරු ඞ්වේන් ස්මිත් පන්දු 45 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහර 5 ක් සමගින් ලකුණු 62 ක් රැස්කරමින් මුම්බායි ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්විය.
කොල්කටා පිලේ පිට දඟ පන්දු යවන සචිත‍්‍ර සේනානායක දැඩි ප‍්‍රහාරයකට ලක්වීම මෙහිදී කැපී පෙනුණි. සචිත‍්‍ර සිය ඕවර හතරට ලකුණු 50 ක් ලබාදෙමින් එක කඩුල්ලක් දවා ගත්තේය.
මුම්බායි පිල නියෝජනය කරන ලසිත් මාලිංග ඕවර හතරේදී ලකුණු 25 කට කඩුලූ 2 ක් දවා ගත්තේය.
මුම්බායි පිලේ නායකයා ලෙස කටයුතු කළ ඕස්ටේ‍්‍රලියානු හිටපු නායක රිකී පොන්ටිංට මෙම තරගයේදී කණ්ඩායමේ ස්ථානය අහිමිවූ අතර රොහිත් ශර්මා නායකයා ලෙස කටයුතු කළේය.
කොල්කටා නයික් රයිඩර්ස් පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 159 (යුසුෆ් පතන් 19, ගෞතම් ගාම්බීර් 26, ජැක් කලිස් 37, මනෝජ් තිවාරි 33, එඔයින් මෝගන් 31, මිචෙල් ජොන්සන් 26/2, ලසිත් මාලිංග 25/2, ප‍්‍රගයන් ඕජා 21/2)
මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 19.5 කදී කඩුලූ 5 ට 162 (ඞ්වේන් ස්මිත් 62, රෝහිත් ශර්මා 34, කිරාන් පොලාඞ් 33, සුනිල් නරේන් 17/3)