හයවැනි වරටත් පැවැති ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) ශූරතාව දිනාගැනීමට මුම්බායි ඉන්දියන්ස් පිල සමත් විය. කොල්කටාහි ඊඞ්න් ගාඞ්න් ක‍්‍රීඩාංගණයේ අද (26) පැවැති අවසන් මහ තරගයේදී රෝහිත් ශර්මාගේ නායකත්වයන් යුත් මුම්බායි පිල විසින් මහේන්ද්‍ර සිං දෝනි මෙහයෙවූ චෙන්නායි සුපර් කිංග්ස් පිල ලකුණු 23 කින් පරාජය කරන ලදි.
මුම්බායි ඉන්දියන්ස් පිල අයි. පී. එල්. ශූරතාව දිනූ පළමු අවස්ථාව මෙය වන අතර මුම්බායි පිල 2010 වසරේ අනු ශූරයන් බවට පත්ව සිටියේය.
ලකුණු 149 ක ඉලක්කයක් හඹා ගිය චෙන්නායි සුපර් කිංග්ස් පිල නොසිතූ ලෙස අමාරුවේ දැමීමට ලසිත් මාලිංග (22/2) ප‍්‍රමුඛ මුම්බායි පන්දු යවන්නෝ සමත් වූහ.
ලසිත් මාලිංග පළමු ඕවරයේදීම චෙන්නායි පිලේ ප‍්‍රබලතම පිතිකරුවන් දෙදෙනා වන මයික් හසී (1) සහ සුරේෂ් රයිනා (0) පිටියෙන් ඉවත් කිරීමට සමත් වූ අතර මිචෙල් ජොන්සන් දෙවැනි ඕවරයේදී සුබ‍්‍රමනියම් බද්‍රිනාත් (0) දවාගැනීමට සමත් විය.
ඉනිමේ පළමු පන්දු 10 යේදී ලකුණු 3 කට කඩුලූ 3 ක් බිඳ වැටීමෙන් අසරණ වූ චෙන්නායි පිලට යම් බලාපොරොත්තුවක් එක් කිරීමට මුරලි විජේ සහ ඞ්වේන් බ‍්‍රාවෝ සමත් වූ නමුත් 6 වැනි ඕවරයේ අවසන් පන්දුවේදී බ‍්‍රාවෝ දැවී යාමෙන් පසුව පන්දු 9 කදී තවත් පිතිකරුවන් දෙදෙනකු දැවී ගියේ ලකුණු 39 කට කඩුලූ 6 ක් ලෙස ලකුණු පුවරුව වෙනස් කරමින්, චෙන්නායි බලාපොරොත්තු සියල්ලම සීසී කඩ විසුරුවා හරිමිනි.
පළමුව පන්දුවට පහර දුන් මුම්බායි පිල 16 වැනි ඕවරයේ පළමු පන්දුවේදී ලකුණු 100 කට කඩුලූ 5 ක් දැවී අසීරු තත්ත්වයක සිටියදී වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් කිරන් පොලාඞ් පන්දු 32 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 60 ක් රැස්කරමින් ලකුණු 148 ක් දක්වා රැගෙන ඒමට සමත් විය.
මුම්බායි පිලට ඉන්දීය රුපියල් කෝටි 10 ක් හෙවත් ශ‍්‍රි ලංකා රුපියල් කෝටි 24 ක ද, චෙන්නායි පිලට ඉන්දීය රුපියල් කෝටි 7.5 ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 18 ක ද, මුදල් ත්‍යාග හිමිවේ.
මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 148
(දිනේෂ් කාර්තික් 21, අම්බාටි රයිදු 37, කිරාන් පොලාඞ් නොදැවී 60, හර්බජාන් සිං 14, ඇල්බි මොර්කල් 12/2, ඞ්වේන් බ‍්‍රාවෝ 42/4)
චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 125
(මුරලි විජේ 18, ඞ්වේන් බ‍්‍රාවෝ 15, මහේන්ද්‍ර සිං දෝනි 63, ලසිත් මාලිංග 22/2, මිචෙල් ජොන්සන් 19/2, හර්බජාන් සිං 14/2)
(ඡයාරූපය: අයි. පී. එල්. වෙබ් අඩවිය අනුග‍්‍රහයෙනි)