මුබාරක් - දික්වැල්ල වයඹට ජය ගෙනෙති


ජෙහාන් මුබාරක්ගේ (90) සහ නිරෝෂන් දික්වැල්ලගේ (86) විශිෂ්ට පිතිහරඹය නිසා අන්තර් පළාත් සීමිත  ඕවර ක‍්‍රිකට් තරගාවලියේ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී අද (21) පැවැති තරගයේදී ජෙහාන් මුබාරක් මෙහෙයවන වයඹ පිල කඩුලූ 2 කින් චාමර සිල්වා මෙහෙයවන රුහුණ පිල පරාජය කිරීමට සමත් විය.

රුහුණ පිල  ඕවර 50 යේදී කඩුලූ 9 ට 263

(ගයාන් මනීෂාන් 39, අෂාන් ප‍්‍රියංජන් 24, ඉන්දික ද සේරම් 35, ජනක ගුණරත්න නොදැවී 64, ඩිල්රුවන් පෙරේරා 17, දිල්හාර ලොකුහෙට්ටිගේ 22, තරංග ලක්‍ෂිත 46/2, චතුර රන්දුණු 46/2, තරිඳු කෞෂාල් 46/2)

වයඹ පිල  ඕවර 46.1 කදී කඩුලූ 8 ට 264

(ඩිල්ෂාන් මුණවීර 36, නිරෝෂන් දිල්වැල්ල 86, ජෙහාන් මුබාරක් 90, ෆර්විස් මහරුෆ් 16, සචිත් පතිරණ 42/5, ෂෙහාන් ජයසූරිය 34/2)

දික්වැල්ලගේ අනගි ඉනිමෙන්...
(ඡයාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)