මුන්දලම උඩප්පුවේ සුනාමි කුළුන අද උදේ 10.21 සිට දෙවරක් ක්‍රියාත්මක වීම නිසා ප්‍රදේශවාසීහු කල බල වූහ.
උදේ සිට ඇද හැලෙන මහ වැසිද නොතකා ඇතැමෙක් දිවූහ.
පුත්තලම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ සුනාමි අනතුරු ඇඟවීමක් සිදු නොකළ බවයි. සුනාමි කුළුනේ කාර්මික දෝෂයක් නිසා එය නාද වී ඇති බව ද එහි නිලධාරීහු කියති.