පුත්තලම රෝහලේ වෛද්‍යවරියක හා ගිලන් රථ සහායකයකු මරණයට පත්වීමේ සිද්ධියේ පරීක්ෂණ හරියට නොකළැයි මුන්දලම පොලිසියේ තිදෙනකුගේ වැඩ තහනම් කළ බව පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සෙනරත් සඳුන්ගහවත්ත මහතාගේ කාර්යාල ආරංචි කියයි.
කිලිනොච්චියේ සිට වේදිකාවක් පටවාගෙන ආ ලොරියක එම ගිලන් රිය හැපී මේ අනතුර සිදු විය.
සිද්ධියේ පරීක්ෂණ තොරතුරු නිසි පරිදි ඉදිරිපත් නොකළැයි රථවාහන අංශයේ ස්ථානාධිපති ජයතිස්ස බණ්ඩාර අබේසිංහ, සැරයන් ජයවර්ධන හා කොස්තාපල් කරුණාරත්නගේ වැඩ තහනම් කර ඇත.
මරණ දෙකක් සිදු කළ ලොරි රියදුරා ඇප පිට මුදා හරිනු ලැබීය.

