රුපියල් ලක්ෂ හතලිස් පහක් වටිනා රත්තරන් පාර්සල් දෙකක් තම ගුද මාර්ගයේ සඟවාගෙන සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු කොළඹ කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි විදුලි උපකරණ ව්‍යාපාරිකයෙකි.
රේගු නිලධාරීන් සැකකරු පරීක්ෂා කරද්දී ඔහු සතුව තිබී ඇත්තේ රුපියල් තිස් දහසක් පමණ වටිනා එල්.සී.ඩී බල්බ තොගයකි. නමුත් ඒවායෙහි බදු ගෙවු විට සැකකරුට එතරම් ලාබයක් නොමැති බැවින් රේගු නිලධාරීන් දිගටම ප්‍රශ්ණ කරද්දී ඔහු පිළිගත නොහැකි විවිධ දේ පවසා ඇත. පසුව ඔහු එක්ස් කිරණ පරීක්ෂාවට ලක් කරන බව කී විට ඔහු වේවල වෙවලා පවසා ඇත්තේ රන් බිස්කට් 9 යක් ගුද මාර්ගයේ සගවාගෙන ඇති බවයි.
පසුව ඔහු විසින් ඉවතට ලබා දුන් පාර්සල් දෙක ලිහා බැලීමේදී එහි රන් බිස්කට් 9 යක් තිබු බවත් එහි බර ග්‍රෑම් 900 ක් බවත් රේගුව කියයි.
මේ පිළිබඳ විමර්ශණ කටුයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ රේගු අධිකාරී නන්දසිරි වාසලතිලක නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන එම්.කේ උදය ගාමිණී සහ එම්.ඒ අරුණ ශාන්ත යන නිලධාරීහු සිදු කරති.

