මුදලාලි පාරිභෝගිකයාට මිරිස් කුඩු ගහයි


මිනිස් පාරිභෝජනයට නුසුදුසු මිරිස්කුඩු කිලෝ 5000ක් හා කහකුඩු කිලෝ 3000ක් ආමර්වීදියේ මිරිස්කුඩු මෝලක තිබී පාරිභෝගික අධිකාරියේ නිලධාරීහු අද සොයා ගත්හ.

පරණ පාන් කුඩු කර තැනූ පිටි මිශ්‍රකර මිනිස් පරිභෝජනයට අහිතකර රෙදි ඩයි යොදා වර්ණ ගන්වා මෙම මිරිස් හා කහ කුඩු නිෂ්පාදනය කරන බව අධිකාරිය කියයි.