ටෙලිනාට්‍ය නිර්මාණ කිහිපයකින්ම මේ දිනවල දැකගත හැකි ජනප්‍රිය රංගන ශිල්පිනියක සේම, නිවේදිකාවකද වන ඉෂාරා සඳමිණි, වර්තමාන ටෙලිනාට්‍ය කලාව හා එයට දායක වන අය පිළිබදව අප සමග පැවසුවේ මෙවැනි අදහසකි.
“සමහර වෙලාවට ලොකේෂන් එකට ගියාට පස්සෙ තමයි සීන් එක ලියන්නේ. සමහර වෙලාවට ෆෝන් එකෙන් පවා සීන් එක අහන් ලියනවා. සමහර වෙලාවට ෂූටින් ඉවරවෙලා ගෙදර යනකොට රූපවාහිනියෙ එය විකාශය වෙනවා. සමහර අවස්ථාවල කතාවෙ අවසන් හරියට යද්දි තමයි මට මගේ චරිතය තේරෙන්න
මෙහෙම දේකුත් තියෙනවා, අලුතින් මේ ක්ෂේත්‍රයට එන අයට සල්ලි දෙන්න අවශ්‍ය නැහැ. ඔවුන් සල්ලි දීලා හරි එනවා. ඒ නිසා මුදල් වැඩි කරගන්න අමාරුයි. අත්දැකීමෙන්ම දැකලා තියනවා.
අක්කා කිව්වා වගේ ඉගෙන ගන්න ඕන. මම ගොඩක් චිත්‍රපට නරඹා රංගනය ගැන ඉගෙන ගන්නවා. සමහර දේවල්වලට යම්කිසි කැපකිරීම් කළ යුතු වෙනවා. මුදල් හා වෙන වෙන දේවල් ලබාදී අවස්ථාව ලබාගන්න අය ගොඩක් අද වෙද්දි ඉන්නවා. ඒ වගේ අය හිටියත් මට ඒක කරන්න බෑ. මම මුදල් නැතිවුණත් ඒ තත්ත්වයට පත්වෙන්න කැමති නෑ. චරිතයක් භාරදුන්නම මට ඒ චරිතය හොඳින් කරන්න පුළුවන් වුණත්, එවැනි දේ නිසා චරිත ප්‍රතික්ෂේප කළ අවස්ථා තියෙනවා. දක්ෂ වුණත් ඒ දේවල් නිසා ඉවත් වුණා.”
නිදුක් මදුෂික