මුදල් වංචා කළැයි අයි.පී ට එරෙහි විමර්ශනයක්


(ඉන්දිකා  රාමනායක)

කෙසෙල්වත්ත ප්‍රදේශයේ , විදේශ දුම්වැටි අලෙවි සැලක ව්‍යාපාරික ස්ථානයක  කළමනාකරුවෙකු  අත්අඩංගුවට ගෙන ඔහු භාරයේ 270,000 ක මුදලක්  පොලිස් භාරයට ගෙන, රුපියල්  48,000 පමණ මුදලක් පොලිස් ස්ථානයට ඉදිරිපත් කර සෙසු මුදල් යළිලබා නොදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කිරුළපන පොලීසියේ පොලිසියේ පොලිස් පරීක්ෂක පරීක්ෂකවරයෙකු ට  එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම උප පොලිස් පරික්ෂකවරයා  ඇතුළු පොලිස් කණ්ඩායමක් වූ ඉකුත් 09 දින  කෙසෙල් වත්ත ප්‍රදේශයට පැමිණ මෙම වැටලීම සිදුකර ව්‍යාපාරික ස්ථානයේ කළමනාකරු  සහ ඔහු සතු මුදල් , දුම්වැටි පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා පොලිස් ස්ථානයට රැගෙන යාමෙන් අනතුරුව නීතිවිරෝධී දුම්වැටි අලෙවි කිරීම  චෝදනා   ගොනුකොට ඔහු පොලිස් ඇප මත මුදාහැර ඇති අතර,  ව්‍යාපාරිකයා සන්තකයේ තිබී පොලිස් භාරයට ගත් රුපියල් 2,70, 000 ක  මුදලින්  48,000 ක ඔහුට ලබා දී ඇති බවට  පොලිසිය සඳහන් කරයි. 

මේ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා කෙසෙල් වත්ත පොලිසියට කර කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.