මුදල් කොල්ලය වරදී:ගිනි අවි දෙකක් පැහැරගෙන පලා යති


(බිමල් ශ්‍යාමන් ජයසිංහ )


හොරණ ගෝනපොල  රාජ්‍ය  බැංකුවක  පැති බිත්තියක්  හාරා ඇතුළු වු  කිසියම්  පිරිසක් සේප්පු දමා තිබු කාමර වල දොර  කඩා එහි තිබු ගිනි අවි  දෙකක් සොරාගෙන ගොස් ඇතැයි  මොරගහහේන පොලීසය පවසයි.


සේප්පුවෙන් මුදල්  සොරාගැනීමට නොහැකි වු තැන මෙලෙස ගිනි අවි සොරගෙන පලා යන්නට ඇතැයි පොලීසීය සැක කරයි .


 හොරණ පොලිස් නිළ සුනඛ ඔලී ද යොදා  ගනිමින් සැකකරුවන්  සොයා පරීක්ෂණ අරඹා තිබේ.


පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.