මුදල් කොමිෂන් සභාවේ අලුත් නිර්දේශ පාර්ලිමේන්තුවට


(අංජුල මහික වීරරත්න)

2025 වර්ෂය වෙනුවෙන් මුදල් කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (ජ) ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි පළාත් සභා සඳහා අවශ්‍ය සම්පත් අවශ්‍යතාවන් පිළිබඳවත්, පළාත් සභා සඳහා ජාතික අයවැයෙන් වෙන් කෙරෙන ප්‍රදානයන් එක් එක් පළාත් සභාව සඳහා වෙන් කර දීමේ මූලධර්ම පිළිබඳවත් නිර්දේශ ඉදිරිපත් කිරීම මුදල් කොමිෂන් සභාව වෙත පැවරී ඇත. 

ඒ අනුව, එක් එක් පළාත් සභාව වෙනුවෙන් 2025 වර්ෂයේ ජාතික අය වැය මඟින් වෙන් කර දීම සඳහා මුදල් කොමිෂන් සභාව විසින් නිර්දේශ කරනු ලබන පුනරාර්වර්තන හා ප්‍රාග්ධන වියදම් අවශ්‍යතා ඇතුළත් වාර්තාව එම කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත. 

එකී වාර්තාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (7) අනුව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි එම නිර්දේශ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් ජනාධිපති ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.