රවී කරුණානායක මුදල් අමාත්‍යවරයාත් මුදල් අමාත්‍යාංශයත් දුම්කොළ සමාගම් වෙනුවෙන් පෙනී සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා අද (29) ප්‍රකාශ කළේය.
ජනාධිපති අරමුදලට මුදල් දෙන්නැයි හිරිකිතයකින් තොරව මුදල් අමාත්‍යවරයා දුම්කොළ සමාගම්වලින් අයවැය යෝජනාවක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටින බව ද වෛද්‍ය සොයිසා මහතා කීවේය.
“ සෞඛ්‍යයට වියදම් කරන්න මුදල් නැතැයි මේ ආණ්ඩුව කියනවා. ජනාධිපති අරමුදලට දෙන්න සල්ලි නැහැයි මුදල් ඇමතිවරයා කියනවා. දුම්කොළ සමාගම්වලින් සල්ලි අරගෙන දුම්කොළ නැවැත්වීමේ වැඩපිළිවෙළ කරගෙන යන බව මුදල් ඇමතිවරයා කියනවා. දුම්කොළ සමාගම් රුපියල් මිලියන පන්සියයක් දෙන්න කැමති බව කියනවා.
දුම්කොළ සමාගම්වලට බද්දක් පැනවීමට ගිය අවස්ථාවේ මුදල් අමාත්‍යාංශය ඊට විරුද්ධ වුණා. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැහැදිලිව ඒ බව කියා සිටියා. මුදල් අමාත්‍යාංශය ලැජ්ජාවකින් තොරව බද්ද පැනවීමට විරුද්ධව පෙනී සිටියා.
රවී කරුණානායක මහතා මුදල් අමාත්‍යධුරය දරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ. එවැනි තත්ත්වයක ජනාධිපතිවරයාට මුදල් අමාත්‍යවරයා මුදල් වෙන් කරන්නේ එහෙමයි.”