මුතුහෙට්ටිගමට වරෙන්තු


නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම හා ඔහුගේ රියදුරා අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා වරෙන්තු නිකුත් කළේය.

පොලිස්පති මඟින් මෙම වරෙන්තුව ක්‍රියාත්මක කරන ලෙසද මහේස්ත්‍රාත් නියෝග කළේය.

වඳුරඹ දී පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වේදිකාවක් කඩා බිඳ දැමීමෙන් පසුව ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ඔහු අත් අඩංගුවට ගැනීමට නොහැකිවූ බව පොලිසිය අධිකරණයට දැන්වීය.

එම සිද්ධියේ සැකකරුවන් තිදෙනකු වඳුරඹ පොලිසිය උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියදී මුතුහෙට්ටිගම සහ ඔහුගේ ඇමැති ආරක්ෂකයන් තිදෙනකු වඳුරඹ පොලිසියට ගොස් ඔවුන් බලෙන් පැහැර  ගත්තැයි පොලිසිය මීට කලින් අධිකරණයට වාර්තා කර තිබිණි. මේ සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි ඇමැති ආරක්ෂකයෝ තිදෙනෙක් අද ඇප ලැබූහ.

web-11

උසාවියේ තීන්දුව දෙන විටත් මුතුහෙට්ටිගම මහතා උසාවිය සමීපයේ මහ පාරේදී පොලිස් නිලධරයකු සමඟ කථා බහක

ඡායාරූපය - අමිල මධුෂංක