හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ නිවස අසළ වෙනත් නිවසක රජයේ වාහන දෙකක් හිමිකරුවකු නොමැතිව නවතා ඇතැයි ලැබුණු තොරතුරකට අනුව ගාල්ල පොලිසියේ නිලධාරීහු එහි ගොස් අද ඒ වාහන පරික්ෂා කළහ. නිවැසියන් කීවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ රියදුරන් මේ වාහන තම නිවසේ නිතර නිතර නවතා තබන බවයි. පොලිසිය එතැනින් නික්ම ගිය පසු එහි පැමිණි දෙදෙනෙක් මේ වාහන රැගෙන ගියහ. පොලිසිය පැවසුවේ නිශාන්ත මුතුහෙට්ටිගම මහතා භාවිතා කළ වාහන සියල්ල සඳුදා භාර දීමට කටයුතු කරන බව දැනුම් දී ඇති බවයි. හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ජනක් ප්‍රියන්ත ඉලේසිංහ මහතා කියා සිටියේ ද අද පොලිසියේ පරීක්ෂාවට ලක්වූ වාහන දෙක ඇතුළුව නියෝජ්‍ය අමාත්‍යවරයාත් ඔහුගේ කාර්ය මණ්ඩලයත් භාවිතා කළ වාහන හතක් ඇති බවයි. ඒ සියල්ල සඳුදා අමාත්‍යාංශයට ආපසු භාර දීමට කටයුතු සූදානම් කැර ඇති බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.


