නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ ආරක්ෂාවට සිටි ඇමති ආරක්ෂක ඒකකයේ කොස්තාපල්වරු තිදෙනා ලබන 24 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා අද නියෝග කළේය. පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ඉදිකළ වදුරඹ වේදිකාවට අලාභහානි සිදුකළැයි සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් තිදෙනකු පොලිසියේ සිට පැහැරගෙන යාමට කටයුතු කරමින් පොලිස් රාජකාරියට බාධා කරන ලදැයි සැකපිට මේ තිදෙනා ඊයේ අත්අඩංගුවට ගනු ලැබ සිටියහ.

