‘ඇමතිතුමා මාත් එක්ක පැටලෙන්න එපා අනර්කලී වගේ නෙවෙයි. මාත් එක්ක පැටළුණොත් අවුරුදු විස්සකට හිරේ යවනවා යැ‘යි දකුණු පළාත් සභා මන්ත්‍රිනි ගීතා කුමාරසිංහ මහත්මිය සුළු අපනයන බෝග සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට කීවාය.
ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ගීතා කුමාරසිංහ මන්ත්‍රිනිය ඔහුට අනතුරු ඇගවුයේය.
ගීතා - දැන් මේ රුපියල් ලක්ෂ 150න් දෙසැම්බර් 31 වැනිදාට පෙර වැඩ කරන්න වෙනවා. කොහොමද මේවා කරන්නේ.?
මුතුහෙට්ටිගම - ‘‘ ඔබතුමිය නිශ්ශබ්ද වෙන්න. සල්ලි වලින් වැඩ කරන්න බැරිවුණොත් මම අවිච්ඡේද කරලා ලබන අවුරුද්දේ අරගෙන දෙන්නම්.“
ගීතා -‘‘ මම නෙවෙයි ඔබතුමා කටවහගන්න. මට අපහාස වෙන විදියට වැඩ කරන්න එපා. මගේ ආසනයට ලැබුණු මුදල් සංවර්ධන කටයුතුවලට නිවැරදිව යොදවන්න ඕනෑ “
මුතුහෙට්ටිගම - ‘‘ මා අනර්කලී එක්ක පැටලිලා එකපාරක් හිරේටත් ගිය මිනිහෙක්.“
ගීතා - ‘‘ඒකට මට කමක් නැහැ. ඇමතිතුමා මාත් එක්ක පැටලෙන්න එපා. මම ඔයා හිරේ යවන්නේ අවුරුදු 20ට“

