කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඉරිදා ගාල්ල බන්ධනාගාරයට ගෙන ආ නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයා මීට සුළු මොහොතකට පෙර බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා බන්ධනාගාර බසයකින් රැගෙන ගියේය.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ඉදිකරන ලද වේදිකාවකට වදුරඹ දී ගිනි තැබූ සිද්ධියක් සම්බන්ධ සැකකරුවන් තිදෙනකු පොලිසියේ සිටිය දී පැහැරගෙන යාම සම්බන්ධයෙන් මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන උසාවියට අද (29) ඉදිිරිපත් කරන ලෙස බද්දේගම මහේස්ත්‍රාත්වරයා විවෘත වරෙන්තුවක් නිකුත්කැර තිබිණි.







