මුතුහෙට්ටිගම සැකකරුවන් උසාවි ගෙන යයි


පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  වඳුරඹ වේදිකාවකට ගිනි තැබීයැයි  සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා නියෝජ්‍ය ඇමැති මුතුහෙට්ටිගම මහතාගේ ජිප් රියෙන් රැගෙන ගිය බව වඳුරඹ පොලිසිය කියයි.

ඔවුහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.

පොලිසියේ වාහනයකින් සැකකරුවන් අධිකරණයට ගෙන යෑමට හදද්දී මුතුහෙට්ටිගම මහතා පැමිණ තමාගේ ජිප් රියෙන් ගෙන යෑමට අවශ්‍ය බව කියා ජිප් රියට නංවා ගත් බව ද පොලිස් ආරංචි කියයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ නියෝජ්‍ය ඇමැතිවරයා පැමිණ තම ජිප් රියෙන් සැකකරුවන් ගෙන ගොස් ඇති බවයි. ඔහුගේ ක්‍රියාව වැරදි බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.