වරෙන්තු නිකුත් කර සිටි නියෝජ්‍ය ඇමැති නිශාන්තමුතුහෙට්ටිගම රටින් පැන යාම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසූයේ ඔහු සිංගප්පූරුවේ සිට එනවිට අත් අඩංගුවට ගන්නා බවයි.
යද්දී අත් අඩංගුවට නොගත්තේ ඇයි දැයි ඇසූවිට ඔහු කෙළින් පිළිතුරක් දුන්නේ නැත.
මුතුහෙට්ටිගම දක්ෂිණ අධිවේගයෙන් කටුනායකට යන බව මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහෝදරයා බ්‍රහස්පතින්දා රාත්‍රී 10.56ට 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දැන්වූ බව කියයි.
වහාම මේ බව කටුනායකට දන්වන බව ඇමතුම ගත් පොලිස් නිලධරයා ඔහුට කියා ඇත.
අනතුරුව රාත්‍රී 11.01ටත් 11.02ටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ කාර්ය භාර නිලධරයාට දුරකථන ඇමතුම් දෙකකින්ම දන්වා ඇත්තේ තව පැය දෙකකින් මුතුහෙට්ටිගම රටින් පිටවන බවයි.

