වරෙන්තු නිකුත්ව තිබියදී නියොජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා රටින් පිටව යාම පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතාගෙන් ලංකාදීප එසැණ පුවත් ඇසූ ප්‍රශ්න සහ ලැබුණු පිළිතුරු මෙසේය.
ප්‍රශ්නය - නිශාන්ත මුතුහෙට්ටිගම මහතා රටින් පිටව යාමට ගුවන් තොටුපළට එන බවට බ්‍රහස්පතින්දා (25) රාත්‍රී 10.56 ට 119 දුරකථන අංකයට යමෙකු දැනුම් දී තිබේද? ඊට පසුව දෙවරක්ම ඔබේ කාර්යාලයටත් දැනුම්දී ඇද්ද?
පිළිතුරු - මට එසේ තොරතුරු ලැබී තිබෙනවා. ලැබුණු දුරකථන අංකය පිළිබඳව රාජකාරි නොකරම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පවත්වනවා.
ප්‍රශ්නය - නිශාන්ත මුතුහෙට්ටිගම වැනි ප්‍රකට පුද්ගලයකු ගුවන් තොටුපළින් පලා ගියේ කෙසේද?
පිළිතුරු - ඔහු ගොස් තිබෙන්නේ ප්‍රභූ පර්යන්තය ඔස්සේ එහි පොලිස් නිලධාරීන් නැහැ. අනෙක අප ඔහුට රටින් පිටව යාම තහනම් කර අධිකරණ නියෝගයක් ලබාගෙන තිබුණෙත් නැහැ.
ප්‍රශ්නය - බද්දේගම අධිකරණය මේ වරෙන්තුව නිකුත් කර තිබෙන්නේ පොලිස්පතිවරයා වෙතටය.
පිළිතුරු - ඔව්, එය බදාදා තැපැල් කළ බවට ආරංචියි කෙසේ වෙතත් මේ වන විට එය පොලිස්පතිවරයාට ලැබී තිබුණේ නැහැ.

