මුතුහෙට්ටිගම තව පැයකින් ලංකාවේ?


අද (28) පෙරවරු 11.20 සිගප්පුරුවේ සිට කටුනායකට ළඟා වීමට නියමිත ගුවන් යානයකින් නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා එතියි සිංගප්පුරු ආරංචි කියයි.

කටුනායකදී ඔහු අත්අඩංගුවට ගැනීම රහස් පොලීසියට බාර දී ඇතැයිද දැනගන්නට ඇත.

නියෝජ්‍ය ඇමැති ප්‍රභූ පර්යන්තයෙන් සිංගප්පුරු ගියේ සිකුරාදා (26) ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කැර තිබියදීය.

ඔහු ගුවන්ගතවීමට දෙපැයකට පමණ පෙර  පොලිස් මාධ්‍ය ප්‍රකාශකට හා පොලීසියේ 119 හදිසි ඇමැතුම් ඒකකයට තුන්වරක්ම දැන්වු නමුත් ඔහු අත්අඩංගුවට ගත්තේ නැත.