මුතුහෙට්ගමට පොලිසි අටකට ඇතුළුවෙන්න බෑ


දැඩි කොන්දේසි සහිතව නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගමට ඇප නියම කළ බද්දේගම මහේස්ත්‍රාත් චන්දන එදිරිමාන්න මහතා බද්දේගම අධිකරණ බල ප්‍රදේශයේ පොලිසි අටකට ඇතුළුවීම තහනම් කළේය. රුපියල් ලක්ෂ පහ බැගින් වූ සමීපත ම ඥාතීන්ගේ ශරිර ඇප දෙකක් මත මුදාහළ ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය ද උසාවි භාරයට ගත්තේය. ඔහුට තරයේ අවවාද කරමින් මහේස්ත්‍රාත් පැවසුවේ ඔහු වරෙන්තු පිට සිටිය දී සිංගප්පූරුවට යන අවස්ථාවේ දී උසාවියට ගරු කරමින් 29 දා උසාවියට ඉදිරිපත් වන්නේයැයි මාධ්‍යයට කළ ප්‍රකාශය සළකා බලමින් ඇප ලබාදෙන බවයි.  ඔහු වැනි මහජන නියෝජිතයන්ගේ චර්යාව දෙස ලෝකයම බලා සිටින බැවින් ආදර්ශවත් ලෙස හැසිරෙන්නැයි ද මහේස්ත්‍රාත් වරයා අවවාද කළේය.

මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයාගේ රියදුරු මෙත්සිරි චාමින්ද රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයාට මෙම නඩුව අවසන්වනතුරු වදුරඹ, බද්දේගම, යක්කලමුල්ල, උඩුගම, නෙළුව, හිනිදුම, නාගොඩ හා පෝද්දල පොලිසිවලට ඇතුළු වීමට අවසර නැත. ඒ යම් පොලිසියකට පැමිණිල්ලක කිරීමට අවශ්‍යනම් එය සහකාර පොලිස් අධිකාරී වරයකුට ඉදිරිපත් කරන ලෙස උසාවිය නියෝග කළේය. නඩුව යලි ජනවාරි 26 දිනට කල් තැබිණි.

Nishantha SAM_0588