මුඛයේ රන් ගුලි දෙක බැගින් රඳවාගෙන දකුණු ඉන්දියාවේ තිරුවානන්ත් බලා යාමට පැමිණ සිටි දෙදෙනකු ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.
මහනුවර හා අවිස්සාවේල්ල සිට පැමිණ ඇති ඔවුන් මුඛය තුළ රඳවාගෙන ග්‍රෑම් 180ක් බරැති රන් ගුලි දෙක බැගින් හතරක් ගෙනැවිත් තිබූ බවත් ඒවායේ වටිනාකම රුපියල් මිලියනයක් පමණ වන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

