ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ශ්‍රී ලංකාවත් අතර තිබෙන ණය වැඩසටහන අවසන් අදියරට පැමිණ තිබුණත් ග්‍රීසිය මුහුණ දුන් ආකාරයේ අර්බුදයකට පත්වීමේ අවදානමෙන් බේරීමට නම් රටේ මීළඟ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ යහපත් සබඳතාවක් පවත්වාගත යුතු යැයි ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කොළඹදී පැවැසීය.
ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය සම්බන්ධයෙන්පාත්ෆයින්ඩර් ආයතනය සංවිධානය කළ සංවාදයකට එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඉකුත් දා ඒ බවසඳහන් කළේය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙසේ ද කීය.“අපි දැන් ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්ව තිබෙනවා. එවිට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන, ජාත්‍යන්තරප්‍රාග්ධන වෙළෙඳපොළවල් අප දෙස බලන්නේ ඒ මට්ටමෙන්. එහෙත් අපට පෙනෙන්න තිබෙන අනාගතයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟහොඳ සබඳතාවක් පවත්වාගන්න ඕනේ. මගේ අදහස එහෙම විය යුතුයි යන්නයි
අපි නැවත වරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගන්නේ නැහැ.එහෙත් ඉදිරි වසර 3ත් 5ත් අතර කාලයේදී අපි ජාත්‍යන්තර මූල්‍යඅරමුදලත් සමඟ හොඳ සබඳතාවක් පවත්වාගන්න ඕනේ. අපට ණයගෙවන්න තියෙනවා. අපට සැලකිය යුතු ආනයන ප්‍රමාණයක් තියෙනවා.
ඒ නිසා අපට ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළෙන් වසරකට ඇමෙරිකානුඩොලර් බිලියන 3ක් (ආසන්න වශයෙන් වසරකට රුපියල් බිලියන550ත් 560ත් අතර ගණනක්) ගන්න වෙනවා.
දේශපාලන නායකයන් මේ සත්‍ය තේරුම් ගන්න ඕනේ. ඔවුන් යථාර්ථවාදී වෙන්න ඕනේ. මොකද අපට ආසන්න අනාගතයේදී, අපටපෙනෙන්නට තිබෙන අනාගතයේදී අන්තර්ජාතික මූල්‍ය අරමුදලත් සමඟඅත්හළ නොහැකි බැඳීමක් තිබෙනවා. අපේ ආර්ථික ස්වෛරීත්වයේ සැලකිය යුතු ප්‍රමාණයක් පවරා දී තිබෙනවා. ඒ සත්‍ය, ඒ යථාර්ථය අපිතේරුම් ගන්න ඕනේ. කවුරුවත් ඇවිත් ඒක අපෙන් අරගෙන ගිහින් නැහැ. අපි අපේ දේවල් කළමනාකරණය කරගත් ආකාරය අනුව අපිඑවැනි තැනකට පත්වෙලා ඉන්නවා.
අරගෙන ගිහින් නැහැ. අපි අපේ දේවල් කළමනාකරණය කරගත් ආකාරය අනුව අපිඑවැනි තැනකට පත්වෙලා ඉන්නවා.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය ඇතිව අපි සාර්ව ආර්ථිකප්‍රතිපත්ති රාමුවක් ඇති කළා. අපට එයින් ඉවත් වෙන්න ඉඩක් නැහැ. අපට පැහැදිලි මාර්ගයක් තිබෙනවා. අපි ඒ මාර්ගයේ යන්න ඕනේ. කවුරුහරි ඒ මාර්ගයෙන් ඉවත් වුණොත් ඒ සල්ලි හොයාගන්න විදියක් අපට නැහැ. එහෙම වුණොත් අපි දරුණු අවදානමකට පත්වෙනවා. අපට දරුණු සීමාකාරී පියවර ගන්න වෙනවා. අපට දැඩි අරපිරිමැස්මෙන් කටයුතු කරන්න වෙනවා.
ඇමෙරිකානු ඩොලර් බිලියන 3 (රුපියල් බිලියන 550ත් 560ත් අතරගණනක්) නැතිවුණොත් අපට විශාල වශයෙන් වියදම් කපාහරින්න වෙනවා. ඒ වගේම ආනයන සීමා කිරීම හරහා දේශීය (ගෘහස්ථ) ඉල්ලුම පාලනය කරන්න වෙනවා. වෙනත් විදියකට කිව්වොත් ග්‍රීසියේ වුණා වගේ තත්ත්වයක්.
එය සිද්ධ වෙන්න ඕනේ නැහැ. අපට අපේ තත්ත්වය කළමනාකරණය කරගන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ බලයේ ඉන්න කාට වුණත් තියෙන්නේ ඉතාම පටු මාර්ගයක්. ඔබට අංශක 10ක් එහාට යන්නත් පුළුවන් මෙහාට යන්නත් පුළුවන්, හැබැයි මාර්ගය පැහැදිලියි.
දේශීය හා විදේශීය ආයෝජකයන් ශ්‍රී ලංකාවට දිගින් දිගටම සහයෝගය ලබාදෙන්නත් අපගේ ණය අවශ්‍යතා සපුරාගන්නත් ප්‍රධාන හේතුවක් වුණේ මූල්‍ය ප්‍රතිපත්ති සහ අයවැය ප්‍රතිපත්තිය වෙන් කිරීමයි. මූල්‍ය ප්‍රතිපත්තිය අඛණ්ඩව සහ අනාවැකි පළ (පුරෝකථන) කළ හැකි අයුරින් ක්‍රියාත්මක වනු ඇතැයි දෙස් විදෙස් ආයෝජකයන් බලාපොරොත්තු තබා සිටිනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් බවට පත්වීමත් සමඟ එම ඔවුන් මූල්‍ය ප්‍රතිපත්තිවල නිශ්චිත බව හා අඛණ්ඩබව බලාපොරොත්තු වෙනවා.
කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව මුදල් නීතිපනත පසුගිය සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. පවතින මුදල් නීති පනත ප්‍රතිසංස්කරණය කරමින් අලුත් පනත් කෙටුම්පත ඉදිරිපත්කර තිබෙන අතර එහි වැදගත් ප්‍රතිසංස්කරණ කිහිපයක්ම තිබෙනවා.
ජනාධිපතිවරණය අවසන් වීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් වන අවසන්ඡන්දය තියේවි. ශ්‍රී ලංකාවට ඉහළ වැටුප් ගෙවන ගුණාත්මකබවින් ඉහළ රැකියා උත්පාදනය කිරීමටත් සියයට 5ත් 6ත් අතර ආර්ථික වර්ධනයක් අත්පත් කරගැනීමටත් තිබෙන එකම විකල්පය අපනයනවල පරිවර්තනයක් ඇතිකර ව්‍යුහාත්මක වෙනස්කම් කිරීම පමණයි.
අපට ඉහළ වැටුප් ගෙවන ගුණාත්මකබවින් ඉහළ රැකියා උත්පාදනය කරන්න ඕනේ නම්, ණය ගෙවන ගමන්ම සියයට 5ත් 6ත් අතර ආර්ථික වර්ධනයක් පවත්වාගෙන යන්න නම් අපි අපනයනවල පරිවර්තනයක් ඇති කරන්න ඕනේ. ඒ සඳහා සෘජු විදෙස් ආයෝජන අත්‍යවශ්‍යයි. අපිටසිංගප්පූරුව වගේ පොඩි රටවලින් මෙන්ම චීනය වගේ ලොකු රටවලින් ද සෘජු විදෙස් ආයෝජන අත්‍යවශ්‍යයි.
එහෙත් කනගාටුවට කරුණ නම් ප්‍රධාන පෙළේ ජනාධිපතිවරණඅපේක්ෂකයන් කිසිවකුත් මේ ගන කතා කරලා නැහැ. ඔවුන්ගේ ප්‍රතිපත්තිවල තිබෙන්නේ අපනයනවලට විරුද්ධ බවක් පෙන්වන ප්‍රතිපත්ති රාමුවක්. කිසිවකුත් අපනයන පරිවර්තනය ගැන කතා කරන්නේ නැහැ.
අපනයන පරිවර්තනය ගැන මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශවල වැඩි යමක් දකින්න නැහැ. මට හිතෙන හැටියට නම් ඊට ඉහළ ප්‍රමුඛත්වයක් දෙන්න ඕනේ. බාහිරින් ඉල්ලුමක් ඇති කරන්නේ නැතිව මිලියන 20ක්සිටින වෙළෙඳපොළක වර්ධනයක් ඇති කිරීම ගැන කතා කරලා වැඩක් නැහැ.
ආනයනවලට විරුද්ධ ප්‍රතිපත්ති රාමුවක් තමයි අපට ඕනේ. එහෙත්එවැන්නක් දකින්න නැහැ. විනිමය අනුපාත සහ විශේෂයෙන්ම තීරුබදු යනාදිය හරහා පලදායී ආරක්ෂාව (ආරක්ෂණවාදය) වැඩිවීම නිසා අපේ වෙළෙඳාම් කළ හැකි භාණ්ඩ ක්ෂේත්‍රය සියයට 60 සිට 38ක් දක්වාඅඩුවුණා.1980 දශකයේ සිට කතා කරපු දේවල් ගැන නැවත නැවත කතාකරන්න වීම කනගාටුවට කරුණක්. හිටපු මුදල් අමාත්‍ය රොනී ද මැල් මහතාගේ කාලයේ කතාකරපු දේවල් අපි නැවත කතා කරනවා. අපි එදත් හොඳ ව්‍යාපාරික පරිසරයක් ඇති කිරීම ගැන කතා කළා. ආයෝජනප්‍රවර්ධනය, වෙළෙඳ පහසුකම්, වෙළෙඳ ප්‍රතිපත්ති, අධ්‍යාපනය සහපුහුණුවීමේ කුසලතාගැන එදත් කතා කළා.
අපි තවමත් ඒ ගැන කතා කරනවා. මේ ප්‍රතිසංස්කරණ ගැන අවුරුදු ගණනාවක් තිස්සේ අපි කතාකරනවා. මේ ආණ්ඩුව යටතේ ඇතැම් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදුවෙමින් තිබෙනවා.
එය සතුටට කරුණක් වුවත් ඒවා සිදුවෙන්නේ ගොළුබෙලි ගමනින්. අපි ආරම්භයක් ගෙන තිබෙනවා. එය ධනාත්මක කරුණක්. එහෙත් වැඩ සිද්ධ වෙන්නේ ඉතාම සෙමින්. මොනවද කරන්න ඕනේ කියලා දැනගත්තත් ඒවා ක්‍රියාත්මක කරද්දි දුෂ්කරතා තිබුණා සහ ඒවාට මුහුණදෙන්න වුණා. අපි මේ ප්‍රතිපත්ති අඛණ්ඩව ක්‍රියාත්මක කරන්න ඕනේ.
කරද්දි දුෂ්කරතා තිබුණා සහ ඒවාට මුහුණදෙන්න වුණා. අපි මේ ප්‍රතිපත්ති අඛණ්ඩව ක්‍රියාත්මක කරන්න ඕනේ.
නොනවත්වා පවත්වාගෙන යන්න ඕනේ. මේවා ක්‍රියාත්මක කිරීමේදී අපි තව තවත් ආක්‍රමණශීලි වෙන්න ඕනේ. අපි ඉන්නේ ඉන්දීය සාගරයේ ඉතාමත් වැදගත් භූ ස්ථානයක. එයින් උපරිම ප්‍රයෝජන ගන්න, උපරිම ප්‍රතිඵල නෙළා ගන්න නම් අපි නොබැඳි පිළිවෙතක් අනුගමනය කරන්න ඕනේ. විශේෂයෙන්ම ඉන්දියාව, චීනය, ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ ජපානය සමඟ අපි ඉතාම හොඳ සබඳතා පවත්වාගන්න ඕනේ”.
ඬේලිමිරර් පුවත්පත ඇසුරෙන් සිංහලට සකස් කළේ
හර්ෂණ තුෂාර සිල්වා

