මීරියබැද්දේ නාය යාම් බලන්න අලියකුත් ඇවිත්


කොස්ලන්ද මීරියබැද්ද නායගිය ප්‍රදේශය පැත්තට එමින් සිටි වල් අලියකු වෙනත් මඟකින් යැවීමට එහි රාජකාරියේ යෙදී සිටි පොලිසිය ක්‍රියා නොකළේ නම් අලියා එරී මැරෙනු ඇතැයි අලියා දුටු අය කියති.

අද (15) උදේ එම පැත්තට එමින් සිටි අලියා වෙනත් දිශාවකට හරවා ඇත්තේ එහි සිටි පොලිසිය කෑ කෝ ගසමිනි.

ඇල්ල වැල්ලවාය යාල වැනි පෙදෙස්වල සිටි අලි ඇත්තු කොස්ලන්දට එතියි ගැමියෝ කියති.