කොස්ලන්ද මිරියබැදද තේ වත්තේ නාය ගිය පෙදෙස වඟුරු බිමක් සේ දිස්වේ.වැළලි ගිය ලයින් කාමරයක කෝවිලේ හෝ කඩයක වහලවත් දැකගත නොහැක.
කඳු මුදුනේ සිට ලොකු දිය පහරක් එම පෙදෙසින් ගලා බසී.වැස්ස යළි ඇරැඹීමත් සමඟ සහන කටයුතු ද අඩාල විය.
අද එම ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 19 දක්වා පහළ බැස ඇති අතර දිගමට වැසි පවතින ලකුණු ඇතැයි ගැමියෝ කියති.
පස් ඉවත් කිරීම සඳහා බැකෝ යන්ත්‍ර යොදා ඇත.

