ඇමැති පලනි දිගම්බරම්ට නොවැම්බර් 01 දා මීරියබැද්දේ සිට ජංගම දුරකථනයකින් කුණුහරුපෙන් බැන මරණ තර්ජන කළැයි කියන පුද්ගලයකු පොලිසිය අද අත්අඩංගුවට ගනු ලැබීය.
දිගම්බරම් මහතාගේ පැමිණිල්ල අනුව දුරකථන සමාගම්වල සහායෙන් සැකකරු සිටින තැන සොයාගත් පොලිසිය ඔහු කොළඹට කැඳවූ බවත් එහිදී අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

