මීරිගම සී.අයිට මහජන උපහාර


ශාසනික සේවය, අවංකකම හා මහජන සේවය වෙනුවෙන් මීරිගම තිදෙනෙක් උපහාර ලදහ.

මරදන්කල්ලේ සුසීම හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක හා මීරිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එරික් පෙරේරා ඔවුහුය.

ශාසනික මෙහෙවර වෙනුවෙන් සුසීම හිමියෝ ද, ජනතා සේවය වෙනුවෙන් සේනානායක මහතාද මේ උපහාරයට ලක් වූහ.

ගම්පහ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා පැවුසවේ පොලිස් ස්ථාන 34කින් යුත් තම බල ප්‍රදේශයේ හොඳම ස්ථානාධිපති එරික් පෙරේරා මහතා බවයි.

යුද බිමේදී නිර්භීතව සටන් කළ ඔහු පොලිස් රාජකාරිය අවංකවත්, අල්ලස හා දූෂණයෙන් තොරවත් ඉටු කරන බව ගුණවර්ධන මහතා කීවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා ද අපරාධකරුවන් සම්බන්ධයෙන් පොලීසියට කිසිම බලපෑමක් නොකරතියි ද ඔහු සඳහන් කළේය.

‘දැන් පොලීසියට පහර දීමේ රැල්ලක් ඇතිවේගය එනවා. කිසිමවිටක මගේ නිලධාරීන් ගුටි කන්න බැහැ. පොලීසිය පහර කීවාම අහිංසක අසරණ ජනතාවට යන්න විශ්වාසවන්ත තැනක් නැතිව යනවා. කප්පම්කරුවන්, මත් උවදුරේ යෙදෙන්නන්, මිනීමරුවන් මේ සමාජයෙන් තුරන් කළ යුතුයි. ඒ සඳහා එරික් පෙරේරා වැනි ස්ථානාධිපතිවරුන් මට අවශ්‍යයි.‘