මීරිගම ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම අද මාධ්‍යයට තහනම් විය.
ප්‍රාදේශීය සභාවේ ලේකම්ගෙන් ලද කැඳවීමේ ලිපියට අනුව අද උදෑසන 10ට පමණ මාධ්‍යවේදීන් ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවට ගියත් එහි මෙතෙක් මාධ්‍යවේදීන්ට අසුන් ගැනීමට තිබූ පුටු ඉවත් කර තිබිණි.
‘මාධ්‍යයට සෙල්ලම් දාන්න බැහැ.‘ යැයි පැවසූ ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ප්‍රේමචන්ද්‍ර රණවීර මාධ්‍යවේදීන්ට ඉවත්ව යන ලෙස පැවසීය.
ප්‍රාදේශීය සභා මන්ත්‍රීට විවේක ගැනීමට තිබූ විවේකාගාරයට අද උදේ සිට ඉබි යතුරු දමා වසා තිබුණු අතර මන්ත්‍රීහු බිම වාඩිවී සිටියහ.

