මීරිගම ඇය වැය යළි පරාදයි


මීරිගම ප්‍රාදේශීය සභාවේ අයවැය අද යලිත් පරාජය විය.

පක්ෂව ලැබුණේ සභාපති ආනන්ද ප්‍රේමචන්ද්‍ර රණවීර මහතාගේ ඡන්දය පමණි.

විපක්ෂව සන්ධානයේ එකොළොස් දෙනෙක් ද, එජාපයේ නව දෙනෙක් ද, ස්වාධීන මන්ත්‍රීවරයෙක් ද ඇතුළු 21 දෙනෙක් ඡන්දය දුන්හ.

පසුගිය 28 වැනි දා අය වැය පරාජය වූයේ ඡන්ද 18කිනි.

ඊළඟ පියවර වනුයේ සභාපති තනතුරින් ඉවත්වීම හෝ ඉවත් කිරීම බව දැනගන්නට ඇත.