මීයන් මරන්න ගිහින් දරු දෙන්නා මරා ගනිති


මී උගුලක තිබූ මීපාසානම් දැමූ චොක්ලට් නම් ආහාරයට ගත් පුංචි අයියා මලෝ දෙදෙනෙක් මරුමුවට පත්වූහ.

මේ දෙදෙනා උතුරු රංසෑගොඩ පදිංචිකරුවෝය.

එක් ළමයකුගේ වයස අවුරුදු හයකි. අනෙක් දරුවාගේ වයස අවුරුදු දෙකකි. මී උගුලේ කෑම වෙනදා ඉවත් කරන නමුත් මෙදින ඉවත් කර නැතැයි කියති.